අදත් ඔන්න අනංමනං කතාවක් කියන්න තමා ලැහැස්ති වෙන්නේ. නෑ නෑ වැරදුනා. අද ලැහැස්ති වෙන්නේ පුංචි අනංමනං කතා දෙකක් කියන්න.

පළවෙනි කතාව වුනේ අපෙ මාමට, දන්නවනේ අර ගිනිකූරා කතාවේ හිටියේ.. අර පොඩිකලේ කිරි එකට සීනිමදි වෙච්චි එක්කෙනා..
මේ කාලේ සීඩී, ඩීවිඩී ප්ලේයර්ස් තිබුන්නෑ. මේ කාලේ තිබුනේ VHS කැසට්...දවසක් මාමාට යාලුවෙක් VHS කැසට් එකක් දීලා කිව්වලු "මේකේ චංචල රේඛා ෆිල්ම් එක තියෙනවා බලලා ගෙනත් දීපං" කියලා
ඉතින් මාමා තව යාලුවොත් එක්ක එකතු වෙලා ෆිල්ම් එක බලන්න සෙට්වුනාලු. දැන් කට්ටිය කැසට් එක දාලා ෆිල්ම් එක බලන්න වාඩිවුනාලු.
හැබැයි ෆිල්ම් එක වෙනුවට TV එකේ හරහට ඉරි ඉරි යනවලු.( දැකලා තියනවානේ අර VHS කැසට් වල පුස් බැදුනාම ඉරි ඉරි යන්නේ). ඉතින් දැන් කට්ටිය ෆිල්ම් එක බැලිල්ල පැත්තක තියලා කැසට් එක සුද්ද කරාලා එහෙම ආයෙත් දැම්මලු ඒත් අර වගේම ඉරි යනවලු.
දැන් කට්ටියට වැඩේ එපා වෙලාලු. ඇයි කොච්චර උත්සහා කලත් ඉරි විතරයි. ඔය අතරේ මාමට ෆිල්ම් එක දීපු යාලුවත් ආවලු කට්ටිය ෆිල්ම් එක බලනවාද බලන්න.
දැන් කට්ටියම බනිනවාලු අර කැසට් එක දීපු යාලුවට වැඩ කරන්නේ නැති කැසට් එකක් දුන්නයි කියලා.
එතකොට කැසට් එක දීපු යාලුවා කියනවලු "මම හරි කැසට් එක තමයි බං දීලා තියෙන්නේ" .
අනිත් අය කියනවලු "හරිනම් කෝ බං ෆිල්ම් එක?"
එතකොට අරු කියනවලු "හරි මං උඹලට දීපු ෆිල්ම් එකේ නම මොකක්ද?"
"චංචල රේඛා!"
"ඉතින් ඔය තියෙන්නේ බං චංචල රේඛා...!!"
මාමාටයි අනිත් යලුවෝ ටිකටයි එතකොට තමා මීටර් වෙලා තියෙන්නේ කාපු ලනුවේ තරම..........
*********************************

දෙවනි කතාව වුනේ අපි අදුරන අන්කල් කෙනෙක්ට. ඒ අන්කල්ගේ වයිෆ් වෙන කෙනෙක් එක්ක ගිහින් අන්කල්වයි ළමයි දෙන්නවයි දාලා.
ඉතින් අන්කල්ගේ යාලුවෝ ටික අන්කල්ට උපදෙස් දෙනවලු දැන් ඉස්සරහට මොකද කරන්න ඕනේ කියලා.කට්ටියගෙන් එක එක උපදෙස් හම්බවෙනවලු.
අරක කරමු, මේක කරමු කිය කියා දැන් කට්ටිය උපදෙස් දෙන අතරේ එක මනුස්සයෙක් කියනවලු "ඔය ගිය ගෑනිට බම්බු ගහන්න කියලා උඹ ලෝයර් කෙනෙක් අල්ලලා ඕකිව ඩිපෝසිට් කරලා දාපං....."
hehe චංචල රේඛා lolz
ReplyDeleteනියම කතාව. චංචල රේඛා. ඔව් ඉතින් හරහට යන ඉරිත් චංචල වෙලා නේ යන්නේ.
ReplyDeleteබොහෝම ස්තුතියි!!!
ReplyDeleteමාත් බැලුවා "ගොළු හදවත" කැසට් එක, කිසිම සවුන්ඩ් එකක් ආවෙ නෑ.
ReplyDeleteහිහ්! හිහ්! ඒකත් ඇත්ත තමා....
ReplyDelete