නිවාඩු කාලේ වෙනදට වඩා වැඩියෙන් අනංමනං ටිකක් කියන්න හිතාගෙන හිටියට වෙනදා තරම්වත් අනංමනං කියන්න එන්න බැරි වෙච්චි එකගැන සමාවෙන්න ඕන.
කොහොම හරි ඔන්න අදත් අනංමනං කියන්නයි යන්නේ. මම අන්තිමට කියපු මම පුංචි කලේ කතාවයි, මගේ මාමා පුංචි කලේ කතාවයි මතකනේ.මතක නැත්නම් මුලින්ම ඒවා කියවල ඉන්න.

අද කියන්නෙත් පරන කතාවක්. මගේ සීයා විශ්‍රාම ගිය විදුහල්පති කෙනෙක්. ලංකවේ වටේම උගන්වලා තියෙනවා. වැඩිපුරම කාලයක් උගන්වල තියෙන්නේ අනුරාධපුරේ කටුකැලියාව කියන ගමේ ඉස්කෝලේ. ඉතින් අම්මලත් පොඩිකාලේ ඉගෙනගෙන තියෙන්නේ අනුරාධපුරේම තමයි. ඉස්කෝලේ නිල නිවාසේ තමයි නැවතිලා ඉදල තියෙනේ. ඉස්කෝලේ නිවාඩු කාලෙට තමයි ගමේ එන්නේ. එහෙම නිවඩුවට එනකම් ගමේ ගෙදර බලාගන්න කොල්ලෙක් ඉදල තියෙනවා ජෝන් කියලා. මෑන්ස්ට ලස්සනට කවි කියන්න පුලුවන්ලු.
ගමේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටියෙත් පෙරේරා මහත්තයා කියල ගුරුවරයෙක්. එයාගේ නෝනා, ඒ කියන්නේ පෙරේරා නෝනත් ගුරුවරියක්ලු.
ඉතින් එක නිවඩුවකට ගෙදර ආපු සීයව හම්බවෙන්න ආපු ඉස්සරහා ගෙදර පෙරේරා මහත්තයා අර ජෝන් ගැන සීයට පැමිණිල්ලක් කරාලු. පැමිණිල්ල තමා ජෝන් පෙරේරා නෝනට අනවශ්‍ය විහිලුවක් කරා කියලා.
බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි. මම කිව්වනේ කලින්ම ජෝන් කවිකාරය කියලා. ජෝන් නිකං එන්න වෙලාවට ගේ ඉස්සරහා තිබුන ගහට වෙලා කවි කියනවාලු. එතින් මෙ කියන දවසෙත් ජෝන් ඒ විදියට කවි කිය කිය ඉන්නකොට ඒ තැනින් පෙරේරා නෝනා ගිහින් තියෙනව ගමනක්. ඔයවෙලාවේ කියකිය හිටපු කවියට තමා පෙරේරා නෝනාට කේන්ති ගිහින් තියෙන්නේ. කේන්ති යන්න හේතුවෙච්චි කවිය තමා.......
කට කැඩි කලේ ඩිය උකුලේ තබාගෙන
ලොට තන දෙකක් ගෙරිහමකින් වසාගෙන
තඹත් පිත්තලත් දෙවගේ පැලදගෙන
රොඩි කෙල්ල කොයියනවද උදැසන
(අහලා තියෙනවානෙ කවිය. ඕක අන්දරේ රජ බිසවට කියපු කවියනේ..)
පෙරේරා නෝනට කේන්ති යන එක අහන්නත් දෙයක්ද? ඒ ගමන සීයා ජෝන්ව ගෙන්නලා හොදට බැනලා අවවාද කරලා තමා පෙරේරා මහත්තයාව ශේප් කරලා තියෙන්නේ.
කොහොම හරි ජෝන් ඒ කවිය පෙරේරා නෝනට විහිලු කරන්නම කිව්වද නැත්නම් ජෝන් කවිය කියනකොට අහම්බෙන් පෙරේරා නෝනා එතනින් ගියද කියන එක දන්නේ ජෝන්ම තමා.
ඒත් ජෝන් කවි කියන එකනම් ඒකෙන් නතරවුනේ නෑලු. හැබයි ජෝන් කවි කියන වෙලාවට ඊට පස්සේ පෙරේරා නෝනා තියා මහත්තයවත් පේන්නවත් ආවෙනම් නෑලු..............
මට පෙන්නේ පෙරේරා නෝනා ජෝන්ගෙ කවිය අහගන්නම එතනින් ගිහින් පස්සෙ complian කරල වගේ...
ReplyDelete