ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Wednesday, September 29, 2010

ලොකුවුනාම කවුරු වෙන්නද කැමති?




හැමදාම කිව්වේ අනිත් අයට වෙච්චි දේවල්නේ. ඉතින් අද ඔන්න කියන්න යන්නේ මටම වෙච්චි දෙයක්.
වැඩිහිටියෝ පොඩි අයගෙන් අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තමා 'පුතා/ දුව ලොකු වුනාම කවුරු වෙන්නද කැමති?' මම හිතන්නේ ඕනෑම කෙනෙක් මේ ප්‍රශ්නයට එක පාරක්වත් මුහුන දිලා ඇති....එහෙම නැති අය ඉන්නවනම් අත උස්සන්න බලන්න...............

පොඩි අයගෙන් ඔය ප්‍රශ්නය ඇහුවාම එක එක විදිහේ උත්තර ලැබෙනවා.
  • ඉංජිනේරුවෙක්
  • දොස්තර කෙනෙක්
  • ක්‍රිකට් ක්‍රීඩ්කයෙක්
  • පයිලට් කෙනෙක්
  • නලුවෙක්
  • ගායකයෙක්
අම්මෝ... ඔය වගේ ලොකු ලිස්ට් එකක් ලියන්න පුලුවන්...

ඉදලා හිටලා ලොකු වුනම තාත්තා කෙනෙක් වෙනවා, අම්මා කෙනෙන් වෙනවා කියපු අයත් ඇති.....ලස්සනම වැඩේ තමයි ඔය ආසාවන් මොහොතින් මොහොත වෙනස් වෙන එක. දොස්තර කෙනෙක් දැක්කම හිතනවා මම ලොකු වුනම දොස්තර කෙනෙක් වෙනවා කියලා. ප්ලේන් එකක් යනවා දැක්කම හිතනවා ප්යිලට් කෙනෙක් වෙනවා කියල..

පොඩි කලේ මොනව කිව්වත් සමහරවිට ලොකු වෙනකොට අපි කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් වෙන්නත් පුලුවන්.....

මමත් ඒ වගේ කෙනෙක් තමා. පොඩි කලේ මම හිතන් හිටියේ ලොකු වුනම ඉංජිනේරුවෙක් වෙන්න. මොකද ඒ දවස් වල මගේ තාත්තා වැඩ කලේ ඉංජිනේරු සංස්ථාවේ. (හැබයි තාත්තා ඉංජිනේරුවෙක් නෙමෙයි. ඒ වුනාට මම හිතන් හිටියේ ඉංජිනේරු සංස්ථාවේ ඉන්නේ ඉංජිනේරුවෝ විතරයි කියලා). හැබැයි මම දැන් කැම්පස් එකේ හදාරන්නේ වාණිජ්‍ය විෂයන්.

හරි දැන් තමා මම කතාව කියන්න යන්නේ. මෙච්චර වෙලා කියල තියෙන්නේ අනංමනං. මොනවා කරන්නද කතාව කියන්න පසුබිම හදාගන්න එපැයි.

මම පොඩි කාලෙදි දවසක් මගේ සීයා, ඒ කියන්නේ මගේ අම්මගේ තාත්තා මගෙන් ඇහුවලු ඔය ප්‍රශ්නය. "පුතා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති ?" කියලා.

ඉතින් මමත් පුරුදු විදිහට උත්තර දුන්නලු "සීයේ මම කැමති ඉංජිනේරුවෙක් වෙන්න..." කියලා.

ඉතින් සීයා කිව්වලු එතකොට "හරි අපි බලමුකෝ පුතා ලොකු වෙනකොට..."

එතකොට මම කිව්වලු සීයට "සීයා කොහොමද ඒක බලන්නේ සීයා එතකොට මැරිලනේ..........." කියලා.

මම නොදැන උනත් කියල තියෙනදේ ඇත්ත වුනා. මම ඉංජිනේරුවෙක් තියා O/L කරන්නත් කලින් සීයා නැති වුනා. එදා මම මොනවා කිව්වත් අද සීයා හිටියනම් අපි අද ඉන්න තැන දැකලා සතුටු වෙන එකක් නැත්ද?

ඔන්න ඕකයි අද කතාව. දැන් කියමු බලන්න "ලොකුවුනාම කවුරු වෙන්නද කැමති?" ප්‍රශ්නයට ඔයාලා දුන්න උත්තර...............



5 comments:

  1. මට නම් කියන්න තියෙන්නෙ
    Who the Hell Knows .....
    කියල විතරයි.

    ReplyDelete
  2. ඒ උත්තරෙත් නරක නෑ......

    ReplyDelete
  3. දැන්නම් මතකත් නෑ ඒ කාලේ කවුරු වෙන්නද ආස කලේ කියලවත්....

    ReplyDelete
  4. එක එක කාලේට එක එක උණ ඔළුවට ගහද්දී එක එක අය වෙන්න හිතුවා. දැන් නම් හිතගෙන ඉන්නේ හොඳ මිනිහෙක් වෙන්න :)

    ReplyDelete
  5. මාරයි අපි ඔක්කොම එකම බෝට්ටුවෙ. ලියලා තියෙන විදිහ විතරයි වෙනස්. මෙන්න ලින්ක් එකක් ගිහිං බලන්න.

    http://cyberyaya.blogspot.com/2010/10/blog-post_20.html

    ආයෙ එන්න මෙකේ අයිතිකාරී ඒ කතාවේ දෙවැනි කොටසෙ ලින්ක් එකක් දාලා තියෙන්නෙ.

    ReplyDelete

මම ලියපු අනංමනං ගැන ඔබට හිතෙන අනංමනං මෙතන ලියන්න.