
අද කියන කතාව වුනෙ මගේ හොඳම යාලුවෙක්ට. මේ කතාව මට කිව්වෙත් මගේ යාලුවාම තමයි. හැබැයි ඔන්න ඇත්ත නම නම් කියන්නෑ කියලා මම පොරොන්දු වුනා. පොරොන්දු කඩකරන්න හොඳ නෑනේ නේද? ඉතිං අපි කියමුකො මගේ යාලුවාට X කියලා.
මේ කියන සිද්ධිය වුනේ X පෙර පාසල් යන කාලේ. ඔය පෙර පාසල් වල තියෙනවනේ අවුරුද්දකට සැරයක් විවිධ විවිධ ප්රසංගයක්. පෙර පාසල් ගිය අය දන්නවනේ? JJJJ
ඉතිං Xගේ පෙර පාසලෙත් විවිධ ප්රසංගයක් පැවැත්වුනා. ඒකෙදි Xටත් අංගයක් කරන්න තිබුනා. Xට තිබුනේ ඉංගිරීසි සිංදුවකට නටන්න. සිංදුව තමයි The Farmer in the Dell. සිංදුව මතක නැති කවුරු හරි ඉන්නවනම් මේ ලින්ක් එකට ගිහින් සිංදුව බලලා ඉන්න. X හිටියේ ඔය සිංදුවෙ Farmer හෙවත් ගොවියගෙ චරිතයට. සිංදුවෙ තියෙන විදිහට Farmer ගේ Wife විදිහටත් ගැහැණු ළමයෙක් සහභාගි වුණා.
ටික දවසකින් X ඉස්කෝලෙ යන්නත් පටන්ගත්තා. ඉස්කෝලෙ ඇරිලා x ගෙදර එන්නෙ තාත්තත් එක්ක බයිසිකලේලු. දවසක් ඔහොම ගෙදර එනකොට x එක පාරටම කෑගැහුවලු 'අන්න මගේ wife යනවා…' කියලා. Xගේ තාත්තාත් පුදුම වෙලා බලනවලු මේ එක වසරේ ළමයා මොනවා කියනවද කියලා.
බැලින්නම් ගිහිල්ලා තියෙන්නෙ X එක්ක පෙර පාසලේ විවිධ ප්රසංගයේ The Farmer in the Dell සිංදුවෙ Farmerගේ wife විදිහට රඟපාපු ගෑණු ළමයා……
පුංචි කාලේ මතක් වෙනවා....ලස්සන කතාවක්.......:D
ReplyDeleteළමා අහිංසකත්වය...!!!
ReplyDeleteලොකු වුනාම මෙහෙමයි:
http://kathandara.blogspot.com/2010/06/blog-post_09.html
එකාලේ කොච්චර ලස්සනද....
ReplyDelete:) :) :) aththatama a kaale hari lassanayi...
ReplyDeleteපොඩි උන් කාලෙ නියම ආතල් තමා.
ReplyDeleteපොඩි කාලේ කරපු කියපු දේවල් දැන් මතක් වෙන කොටත් හිනා යනවා.
ReplyDeleteඅනංමනං කියවලා අනංමනං ලියපු හැමෝටම ස්තූතියි.
ඒක නම් ඇත්ත මචO අපේ එහා ගෙදර පොඩි එකා කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා හිනා නොවී ඉන්න නම් බෑ
ReplyDelete@ pabalu ...
ReplyDeleteඇයි මොට්ටියෙ ... උඹට සිංහල අකුරු බැරිද ..? දා ගනින්කො සිංහල යුනිකෝඩ් .....
මොකද සිංහල අකුරු වලට බයද ....
මේ අර අපේ කෑම්පස් එකේ X නෙමෙයි නේද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ෆ්‍රෑන්සිස්
ReplyDeleteනෑ…නෑ. මෙයත් අපේ කැම්පස් එකේ තමයි. හැබැයි ඔයා කියන X නෙමෙයි.
harima shooi kathavak
ReplyDelete@මධු වීරකෝන්
ReplyDeleteබොහෝම ස්තූතියි
පොඩි කාලේ ඔහොම තමා :)
ReplyDeleteමගේ පොඩිඑකා පුංචිම කාලේ ඌව තරහ හස්ස්න්න මම මගේ හමිනේව බදාගෙන කියනවා දිස් ඉස මයි වයිෆ් කියල එතකොට ඌ මට ගහන ගමන් කියනවා. නෝ.නොට් යුවර් ලයිෆ් මයි ලයිෆ් කියල .
ReplyDelete@ lankapriya
ReplyDeleteLOL..