ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Thursday, July 22, 2010

'මාර-කටිං', 'බල්ලොත් එක්ක බෑ' සහ 'වල් පෝක්'


මේ දවස්වල කැම්පස් එකේ වැඩ හන්දා අනංමනං මුකුත් ලියන්න බැරිවුණා. පොඩි නිවාඩුවක් හම්බවුණා. ඒකෙන් ඔන්න උපරිම ප්රයෝජන ගන්නයි යන්නේ.

මේසන් බාස්ගේ කතාව වගේ තව කැම්පස් කතා කීපයක් තියෙනවා. ඒවා කියන්න කලින් මට හිතුනා ඒවලට සම්බන්ධ කට්ටිය කියන්නේ අපේ සෙට් එක ගැන කෙටියෙන් හඳුන්වලා දෙන්න.

මුලින්ම කියන්නේ චින්තී ගැන. මෙයා අලෙවිකරණය නැත්නම් මාර්කටිං ගැන වෘත්තිය පාඨමාලාවක් හදාරණවා හැබැයි කැම්පස් එකේදී අපි මාර්කටිං ගැන ඇහුවොත් "මං දන්නේ නෑ බං" තමයි නිසා චින්තීට මාර-කටිං කියලත් කියනවා.... විතරක් නෙමෙයි මෙයාට පහුගිය දවස්වල ගෑණු ළමයෙක් ගෙනුත් හරි කරදර තිබ්බා. හේතුව නිසාම පහුගිය දවස්වල එටිසලාට් වලින් ඩයලොග් වලටත් මාරු වෙන්න වුණා කියලා ආරංචියක් තියෙනවා. එයර්ටෙල් සිම්පල් ප්ලෑන් එකක් ගැනත් මෙයාට කතාවක් හැදිලා තිබුණා. ඒක පස්සේ දවසක කියන්නම්කෝ.

අපේ සෙට් එකේ තව එක්කෙනෙක් තමයි බොරා. 'සඳ(moon)' කියන තේරුම තියෙන නමක් තියෙන ගැණු ළමයෙක් ගැන බලාපොරොත්තුවෙන් හිටපු බවට ආරංචියක් තියෙනවා. නිසාම පසුගිය දිනවල moon එපා කියලා අලවලා තිබුණු පෝස්ටර් වගයක් නිසා පොඩි බයිට් එකකුත් කෑවා.ඊට අමතරව තවත් 'ඔප්ෂන්' කීපයක් ගැනත් මෙයා ඇහඇගහගෙනයි ඉන්නේ. 'බල්ලොත් එක්ක බෑ' කියලා පොඩි නිර්මාණ දෙක තුනකටත් මෙයා සම්බන්ධයි.( 'බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්යය නෙමෙයි.). බොරා මේ සතියෙ විදේශ ගත වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රට ගිහින් එනකොට යාලුවෝ දෙන්නෙක්ට ජොනී ඇවිදින්නාගේ රතු ලේබල් දෙකක් ගේන්න පොරොන්දු වෙලත් තියෙනවලු.

ඊළඟට කියන්නේ වන් ෂොට් ගැන. මෙයා ස්පෙෂලයිස් වෙලා ඉන්නේ කෑම සම්බන්ධව. 'වල් පෝක්' තමයි මෙයාගේ ජනප්රියම කෑම. හැබැයි කෑම පිඟන් දෙක තුනකට වුනත් කිසි ගැටලුවකින් තොරව වග කියන්න මෙයාට වල් පෝක්ම (ඌරු මස්) ඕන නෑ. බොරා ගේන ජොනී ඇවිදින්නාගේ රතු ලේබල් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න එක්කෙනෙක් තමයි මෙයා.

ඔන්න අද 3 දෙනෙක් ගැන කිව්වා. ඉතුරු අය ගැන ළඟ පෝස්ට් එකෙන්

3 comments:

  1. ඔය වන්ෂොට් මී කිරි කන්නත් පෙරේතයිලු නේද ?

    ReplyDelete
  2. ikmanata ituru aya ganath kiyapan . .. hik hik . .. .

    ReplyDelete

මම ලියපු අනංමනං ගැන ඔබට හිතෙන අනංමනං මෙතන ලියන්න.