
සමහර කට්ටිය ඉන්නවා ඔය එක එක මස් ජාති කන්න කැමති අය. ඔය වල් ඌරු මස්, මුව මස් වගෙ ජාති..
මම දන්න කියන අංකල් කෙනෙක් ඉන්නව එයත් ඔයවගෙ ජාති රස බලන්න හරි කැමති. එයාගෙ ඔය ආශාව ගැන අහල පහල හුඟක් අය දන්නවා. ඉතින් ඒවගෙ මස් ජාතියක් තියෙන තැනක් දැන ගත්තොත් මෑන්ස් එතන තමා.
දවසක් මේ අංකල් තව කට්ටියක් එක්ක විනෝද චාරිකාවක් ගියලු. ඔහොම මග යන කොට විවේකගන්න වාහනය නවත්තපු තැනක මෑන්ස් දැකලා තියෙනවා කඩේක බෝඩ එකක් “හා මස් ඇත” කියලා. අංකල්ටත් දැන් ෆුල් හැපීලු. ඇයි ඉතිං දෙන දෙයියෝ ගෙට ගෙනල්ලම දුන්නා වගේනෙ.
තව යාලුවෙක්වත් බලෙන්ම ඇදගෙන මෙයා කඩේට ගිහිල්ලා ඇහුවලු හා මස් ගැන. කඩෙන් කිව්වලු හා මස් විකුණන් නෑ කියලා. ඒගමන අංකල් අහනවලු "එහෙනම් අර එළියෙ බෝඩ් එකක් දාලා තියෙන්නෙ කියලා.
එතකොට කඩේ මනුස්සය හිනා වෙන්න ගත්තලු. දැන් අංකල්ට ෆුල් හොල්මන්ලු ඇයි මේකා හිනා වෙන්නෙ කියලා. කට්ටියට හිතා ගන්න පුලුවන්ද කඩේ මනුස්සයා හිනා වුනේ ඇයි කියලා?
*
*
*
*
*
අංකල් 'හා මස්' කියලා කියවලා තියෙන බෝඩ් එකෙ ලියලා තිබිලා තියෙන්නෙ 'බයිරහා මස්' කියලා..... බයිරහා කියන එකෙ 'බයිර' කියන ටික බෝඩ් එකෙන් මැකිලා ගිහිල්ලා..........

තාමත් ඒ අංකල්ට හා මස් මතක්කලොත් හොඳවැයින් දෙකක් අහගන්න පුලුවන්.
හික්ස්! මදැයි හා මස් කන්න ගිහින් අංකල්ට වෙච්ච දේ!
ReplyDeleteවල් ඌරු මස් ගෑන කථාවක් නෑද්ද බන්
ReplyDelete@ වන් ෂොට්
ReplyDeleteතව තියෙන්නෙ උඹේ 'වල් පෝක්' කතාව තමයි. ඒක මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ???
:)))
මොට්ටපාල කයිරාටික කියන වචනේ දාලා වාක්‍යයක් හදන්න.
ReplyDeleteමිනිසා මස් ටික කයි-රා-ටික බොයි.
:))
ReplyDeleteඅඩේ ඔය අංකල්ට අහු වෙන්න හොද නැ :D
ReplyDeleteඔව් ඔව් අංකල් එක පාරක් හා මස් කන්න ගිහින් බැරි වුණානේ.
ReplyDelete:)
ලොල්
ReplyDelete