ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Tuesday, June 29, 2010

"නැවක් එනකම් ඉදලා නැගලා යනවා හාමුදුරුවනෙ."


වැඩි ඉල්ලීම තියෙන්නෙ පඤ්ඤාගෙ කතාවලටනෙ. ඉතින් ඔන්න අදත් කියන්න යන්නෙ පඤ්ඤා ගැන කතාවක් තමයි.

මේ කතාවටත් මුල්වුනෙ ‘අතඇරපන් බං පඤ්ඤා එනවා’ කතාවෙ චරිතම තමයි. ඒ කියන්නෙ කොමඩ් එකට වැදගෙන හිටපු සමනුයි, සමන්ගෙ අත අල්ලගත්ත පඤ්ඤයි තමා.



හරි අනංමනං ඇති මෙන්න කතාව. සමන් කියන්නෙ ටිකක් පිස්සු වැඩ කරන කෙනෙක්. පිස්සු වැඩ කරලා නිතරම ගුරුවරුන්ගෙන් ගුටි කනවා. විශේෂයෙන්ම ‘අතඇරපන් බං පඤ්ඤා එනවා’ සීන් එකෙන් පස්සෙ පඤ්ඤාගෙන් නිතරම බැනුම් අහනවා.

ඉතින් දවසක් සුපුරුදු විදිහට සමන් පිස්සුවක් කෙලලා පඤ්ඤට මාට්ටු වුනා. පඤ්ඤා පුරුදු විදියට කැරම් ෂොට් දෙක තුනකින් සමන්ට සත්කාර කරලහෙම සමන්ට බණක් කියන්න ගත්තා.

(කැරම් ෂොට් එක ගැනත් කියන්න එපැයි. පඤ්ඤා ළමයින්ට දඩුවම් කළෙ කැරම් සෙල්ලම් කරද්දි ඩිස්ක් එකට ගහන විදියට ළමයින්ගෙ කන් පෙත්තට ගහලා. ඒ නිසා පඤ්ඤට කැරම් පඤ්ඤා කියලත් ළමයි කිව්වා.)

හරි ඔන්න දැන් පඤ්ඤා සමන්ට බණිනවා "තමුසෙ ඔය කරන වැඩ වල තේරුම මොකක්ද? ඔය කරන දේවල් වලින් තමුසෙට මේ ලෝකෙට ඇති වැඩකුත් නෑ පරලොවට ඇති වැඩකුත් නෑ.......තමුසෙ සංසාරය නැමති සාගරයෙ ගිලිගිලි ජීවත් වෙනවා. තමුසෙ දැන් මොකක්ද ඒකට කරන්න ඕන?"

සමන් ඒකට දීපු උත්තරෙ තමයි මේ පෝස්ට් එකෙ මාතෘකාව විදිහට දාලා තියෙන්නෙ. ඕක ඇහුවට පස්සෙ පඤ්ඤා අයෙත් කවදාවත් සමන්ට බණ කියන්න ගියෙ නෑ……..

5 comments:

  1. නියම උත්තරේ.

    ReplyDelete
  2. මරේ මරු..මමනන් මෙක තනියම රස වින්ඳෙ නෑ.ලවුඩ් ස්පිකර් දාලා ගෙදර සෙට් එකටම කිව්වා

    ReplyDelete
  3. බොහොම ස්තුතියි..බොහොම ස්තුතියි..

    ReplyDelete
  4. තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ගිහි කාලේ ඉද්දී වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ අහපු ප්‍රශ්නවලට උත්තර දීපු හැටි මතක් වුණා.

    ReplyDelete
  5. @hasitha
    ඒ කතාවත් මීට සමානයි තමා

    ReplyDelete

මම ලියපු අනංමනං ගැන ඔබට හිතෙන අනංමනං මෙතන ලියන්න.