ඕන කෙනෙක්ට.. ඕන වෙලාවක.. ඕන විදියට කියවන්න අනංමනං...

Sunday, July 17, 2011

කාගෙද වරද?

Kid Driving

අම්මෝ ඔන්න මාස හතරකට පහකට පස්සේ තමයි අනංමනං ලියන්න මේ පැත්තේ ආවේ. නොලියා ඉන්න හේතුව විදිහට වැඩ අධික කම විතරක්ම නෙමයි ලියන්න කම්මැලිකමත් හේතුවුනා කියලා කියන්න ඕන. හෑබෑයි ලියන්න කම්මෑලි වුනාට ඔයගොල්ලෝ ලියපුවා කියවන්නත් ඉඳලාහිටලා හරි ඒවාට කමෙන්ට් එකක් දාන්නත් අමතක කළේ නෑ.

අද මට ලියන්න හිතුනේ මේ ළගදි අපේ ගමේ වුනයි කියලා ආරංචි වෙච්චි සිද්ධියක්. මට කතාව අහන්න ලැබුනු විදිහට මෙහෙමයි.

එක ගෙදරක ඉන්නවා අවුරුදු10ක විතර පිරිමි ළමයෙක්. ළමයගේ තාත්තා තරමක් ධනවත් වයාපාරිකයෙක්. ගෙදර අම්මට එකයි, තාත්තට එකයි, ළමයව පන්ති ගෙනියන්න එකයි විදිහට යාන වාහන තියෙනවලු.

මේ ළගදි දවසක් තාත්තා මේ ළමයා කරපු මොකක් හරි වරදකට ළමයට හොදටම බැනලා. ගෙදරත් එක්ක තරහා වෙච්චි ළමයා මොකද කරලා තියෙන්නේ, ගෙදර තිබුනු වෑන් එකත් තනියම ස්ටාර්ට් කරගෙන තව ඒ වයසෙම ළමයෙක්වත් කතාකරගෙන කඩවත ජීවත් වෙන තමන්ගේ ආච්චිගේ ගෙදර යන්න පිටත් වෙලා. මේ ළමයා වෑන් එකේ සීට් එකේ ඉඳගත්තම පාර පේන්නෙත් නැති තරම් පොඩියි. කොහොම හරි ගෙදර ඉඳන් කිලෝමීටර දෙකක් තුනක් විතර ගිහින් මග නවත්තලා තිබුනු ත්‍රීවිලර් එකක රියදුරෙක්ගෙන් කඩවතට යන්න පාර අහලා. සීට් එකෙන් ඉස්සිලා බොහොම අමාරුවෙන් තමා ඔලුව එලියට දාල පාර අහලා තියෙන්නේ. රෑ කරුවලේ නිසා ත්‍රීවීල් එකේ රියදුරාටත් පාර ඈහුවේ පොඩි එකෙක් කියලා මීටර්වෙලා තියෙන්නේ ටිකක් වෙලා ගියාට පස්සේ.

කොහොම හරි ඒ මනුස්සයා සිද්ධවෙච්චි දේ තේරුම් ගත්ත ගමන් 119ට කතාකරලා පොලිසියට දෑනුම් දීලා. පොලිසියෙන් ඈවිත් වාහනේ නවත්තගෙන ළමයාව ගෙදරට අරගෙන යනකම් අම්මවත් තාත්තවත් දන්නේ නෑ ළමයාවත් වාහනේවත් ගෙදර නැතිබව. ත්‍රීවිලර් එකේ මනුස්සයාගෙන් පාර ඈහුවෙ නැත්නම් ළමයි දෙන්නා කොහෙන් නවතීද?

කෙනෙක්ට හිතෙන්න පුලුවන් මහ දඩබ්බර, හිතුවක්කාර ළමයෙක් කියලා. ඒ වුනත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි ඇත්තටම වැරැද්ද කාගෙද?


ප.ලි: පහුගිය මාසේ, ඒ කියන්නේ ජූනි මාසේ 10 වැනිදට මම අනංමනං ලියන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. මේ කාලය ඈතුලත මම ලිපි 27 දාලා තියෙනවා. මහා ලොකු ගාණක් නෙමයි. හැබයි මම බලාපොරොත්තුවුනාට වැඩිය ඒ තත්වය හොදයි. ඉතින් අවුරුද්දක කාලය ඈතුලත මගේ අනංමනං ගැන ඔයගොල්ලන්ට හිතුනු අනංමනං දාලා මාව දිරිමත් කරපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි! විශේෂයෙන්ම මේ පැත්තේ මුලින්ම ඈවිත් මාව දිරිමත් කරපු හසිත, දුමි අයියා, දඟමල්ලටත් නිතරම අනංමනං බලලා අදහස් දක්වපු හිස් අහසේ සඳරුටත්, මධුරංග අයියටත්, ඔබ සෑම දෙනාටත් බොහොම ස්තුතියි! Birthday cakeBirthday cake

Thursday, May 19, 2011

ඉලන්දාරියාට නිවන් සුව අත්වේවා!


සහෝදර බ්ලොග්කරුවෙක්වු ඉළන්දාරියාගේ අභාවය පිලිබද මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතරම ඔහුට මෙවන් අකල් වියෝවක් සසර පුරාවට ඇති නොවේවායි ප්‍රාර්ථනා කරමි.


Thursday, April 14, 2011

සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා!


සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා!


Sunday, February 6, 2011

රියදුරු බලපත්‍ර ප්‍රායෝගික පරීක්ෂණය


අලුත් අවුරුද්දට සුභ පැතුවට පස්සේ ඔන්න අද තමයි ආයෙත් අනංමනං ටිකක් ලියන්න යන්නේ. පොඩි ලෙඩක් හන්දා තමයි මාසයක්ම අනංමනං ලියන්න බැරිවුනේ...ඒ ලෙඩේට කතන්දරසූරීන් නම් කියන්නේ "රයිටර්ස් බ්ලොක්" කියලා... හැබැයි ක.සුට වගේ සුලුවෙන් නෙමෙයි මහා බරපතල විදියට තමයි මට හැදුනේ. ඒනිසයි මාසයක් විතරම මුකුත් ලියන්න බැරිවුනේ....

හරි, නිදහසට හේතු කියලා ඉවරයි... මෙන්න අද අනංමනං....


මේ සීන් එක වෙලා තියෙන්නේ අපේ තාත්තගේ යාලූවෙක්ට.මේ කියන යාලුවා ගියාලු මෝටර් බයිසිකල් පදින්න රියදුරු බලපත්‍ර ගන්න ප්‍රායෝගික පරීක්ෂණ්යට පෙනී ඉන්න වේරහැර කාර්යාලයට.

එතනට ගිහින් තියෙන අය දන්නවනේ, ප්‍රායොඉගික පරික්ෂනය කර නපරීක්ෂකලට බලපත්‍ර අපේෂකයො කිහිප දෙනෙක් භාර වෙනවා. ඔය අතරේ වාහන වගේම මෝටර් බයිසිකල් බලපත් ගන්න අයත් කලවමේ ඉන්නවා. ඒ ඒ පරීක්ෂක තමන්ට අදාල බලපත්‍ර අපේක්ෂකයො ටික එක්ක පාරේ වාහන පෝලිමක් යනවා. සාමාන්‍යයෙන් මෝටර් බයිසිකල් පදින අයව තමා අන්තිමට බලන්නේ. ඒ අය තමන්ට අදාල පරීක්ෂකයා යන වාහන පිටිපස්සෙන් යනවා අනිත් අයගෙ පරීක්ෂන ඉවර වෙනකම්.

ඉතිං මේ කියන අංකල්ටත් (තාත්තගේ යාලුවාට ) එයාගේ පරීක්ශක කිව්වලු බයිසිකලේ අරගෙන පස්සේන් එන්න කියලා, පරීක්ශකවරයා වාහනේක නැගලා පිටත්වුනාලු. ඉතිං අංකලුත් මහ පාරට බයිසිකලේ දාගෙන අර වාහනේ පස්සෙන් යනවලු.

ටික දුරක් ගියාලු අර වාහනේ නවත්වන පාටක් නෑලු..ඔහොම ඔහොම පරීක්ෂක් නැගපු වාහනේ පිටිපස්සෙන් අර අංකල් රාජගිරියටම ආවලු. ඒත් වාහනේ නවත්වන පාටක් නෑලු. ටිකකින් ඔන්න අර වාහනේ රාජගිරියේ තිබිච්ච ගෙදරක ගේට්ටුවකින් මිදුලකට හරවලා නැවත්තුවලු.

ඉතිං අර අංකලුත් ගිහින් අර ගේට්ටුව ළගින් නවත්වලා බලන් හිටියලු පරීක්ෂකතුමා බැහැලා එනකම්. හැබැයි අර වාහනේන් බැහැලා ඇවිත් තියෙන්නේ පරීක්ෂකතුමා නෙමයි වෙන මනුස්සයෙක්.

අංකල් ඉතිං අර මනුස්සයාගෙන් ඇහුවලු "කෝ පරික්ෂකතුමා කියලා?"

අර මනුස්සයා කියනවලු "මොන පරික්ෂකද? තමුසේ මොකද මාව ෆලෝකරේ ?"

එතකොට තමා අංකල්ට වෙලා තියෙන සීන් එක මීටර් වෙලා තියෙන්නේ. අංකල් වේරහැර කාර්යාලය ළගින් පාරට දාල පස්සෙන් ඇවිත් තියෙන්නේ පරීක්ෂකවරයා නැග්ග වාහනය පස්සේ නෙමයි, ඒ වෙලාවේ පාරේ ගිය ඒ වගෙම වෙන වාහනයක් පිටිපස්සෙ. කොහොම හරි අයෙත් දවසක් කට්ට කාලා තමයි අංකල් මෝටර් සයිකල් බලපත්‍රය අරගෙන තියෙන්නේ...

Thursday, December 30, 2010

සියලු යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා !




ලබන්නාවු 2011 වසර ඔබ සියලු දෙනාගේ සියලු යහපත් පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා !




ප.ලි:
2010 වසරේ ලියන්න අන්තිම අනංමනං ටික තමා මේ. පහුගිය වසර ගැන හැරිලා බලද්දි මට වෙච්චි හොදම දේවල් තමයි බ්ලොග් කියවන්න ලැබිම හා බ්ලොග් එකක් ලියන්න ලැබිම.

2011 නව වසරෙදිත් පුරුදු විදියට අනංමනං ටිකක් අරගෙන එනකම් පහුගිය අවුරුද්දේ ලියවිච්ච පාඨක ප්‍රතිචාර වැඩිම අනංමනං කතා මතක් කරගන්න.......